Search This Blog
The official Sci-Fi blog of Sri Lankan writer Kushan Prabodha. Reading platform for Sinhala Science Fiction short stories (සිංහල විද්‍යා ප්‍රබන්ධ), futuristic novels, and Cyberpunk concepts blending traditional Yaka masks with future technology. Read my stories here.
Featured
- Get link
- X
- Other Apps
සිරකලැයි නොදත් කුදුපැණියා - Kushan Prabodha Liyanapathirana
සිරකලැයි නොදත් කුදු පැණියා
නුවන් විදාහල කළ සදෙස් මතම අතුල, අහස සූරන්නා වූ විනිවිද පෙනෙන ස්ඵටික මැදුරින් වටව, මනෝරම්‍ය චිත්තසන්තෝසයක් මවන්නා වූ සුරපුරෙහි වසන ඒ කුදු පැණියා මහත් වෙරින් යුතුව මොර ගෑවේය. තමන් අත්පත් කරගත් යෝධ තාක්ෂණයේ අග්‍රඵලයන් භුක්ති විඳිමින් සිටි ඔහුගේ මනසට එක්වරම කඩා වැදුණු සැබෑ යථාර්ථය, එතෙක් පැවති මනෝරාජික නිදහස අනුකම්පා විරහිතව සුනු විසුනු කර දැමීය. ඒ අන් කවරක් නිසා වත් නම් නොවේ; තමා මේ අත්විඳින අනන්ත වූ කාලයත්, අතිවිශාල අවකාශයත් හුදෙක් මායාවකින් සැකසූ සිරගෙයක් පමණක්ම බව පසක් වූ නිසාවෙනි.
විශ්ව කර්මයාගේ දෝතින් වට දිය බිඳක් තුළ, ප්ලාන්ක් නියතයටත් මිඩංගු කළ නොහේ වූ ක්ෂුද්‍ර නිමේෂයක ප්‍රාදුර්භූත වී, අනන්‍ය වූ විජ්ජුල් තාක්ෂණික මෙවලම් මැද දියබිඳෙහි අග්‍රස්ථානයේ වැජඹෙන්නාවූ ඒ කුදු පැණි තෙමේ සම්පූර්ණ සත්‍යය වටහාගත්තේය. එනම්, ඔවුන්ගේ සමස්ත ඉතිහාසයේම දිගුව, මහා මැවුම්කරුවාගේ කාල මානයට අනුව එක් ප්ලාන්ක් නිමේෂයකටත් වඩා කුඩා බවයි. තමා අත්විඳි මහා විශ්වය වනාහි හුදෙක් දියබිඳෙක්ම පමණක් බව දුටු නියා ම, තමා සිරවී සිටින දෘඪ ක්වොන්ටම් මානයේ සීමාවන් දැකීමෙන් හටගත් ත්‍රාසයෙන් යුතු චිත්තසන්තාපයට නතුව හෙතෙම මංමුලා වී ගියේය.
ඒ කුඩා දිය බිඳෙන් පිටත ඇත්තේ කාලයත් අවකාශයත් අර්ථශුන්‍ය වූ, අතිමහත් එන්ට්‍රොපියකින් යුතු වූ මහා අඳුරු රික්තකයක් බව දැන් ඔහු දනී. එහෙත්, තම හඬ කෙසේ හෝ විශ්ව කර්මයාගේ කන වැකෙන මානයට ළඟා කරවීමේ අන්ධ විශ්වාසයෙන් යුත් දැඩි බලාපොරොත්තුවක් ඔහුගේ සිත තුළ විය. සිය කන්නලව්ව ඒ උත්තරීතර සවන්පත් ස්පර්ශ කළහොත්, මේ ක්ෂුද්‍ර ජල බිංදුවෙන් ඔබ්බෙහි වූ සැබෑ තලයට ගැලවී යාමේ යම් සමභව්‍යතාවක් යම් හෙයකින් හටගත්තේද, එය කුදු පැණියාගේ යහපතටම වන්නේය...
- Get link
- X
- Other Apps
Popular Posts
පිය අනාවැකිය (The Father's Prophecy) - Sci-Fi Short Story by Kushan Prabodha
- Get link
- X
- Other Apps
නිශ්ශබ්දතාවයේ අනන්ත ස්පර්ශකය ☸ (The Asymptote of Silence)
- Get link
- X
- Other Apps

Comments
Post a Comment