Search This Blog
The official Sci-Fi blog of Sri Lankan writer Kushan Prabodha. Reading platform for Sinhala Science Fiction short stories (සිංහල විද්‍යා ප්‍රබන්ධ), futuristic novels, and Cyberpunk concepts blending traditional Yaka masks with future technology. Read my stories here.
Featured
- Get link
- X
- Other Apps
පිය අනාවැකිය (The Father's Prophecy) - Sci-Fi Short Story by Kushan Prabodha
පිය අනාවැකිය
විශ්වයේ ඝන අන්ධකාරය මැද, තනිවූ යකඩ යෝධයෙකු වන් 'මෝසෙස්' යානය නිහඬව පාවෙමින් තිබුණි. පාපන්දු පිටි දහයක් තරම් විශාල මේ දැවැන්ත යානය හුදෙක් ලෝහ ගොඩක් නොව, පෘථිවි තලයේ ජීවත් වන බිලියන ගණනක් මිනිසුන්ගේ දහඩිය, කඳුළු සහ අසීමිත ධනය දියකර හැදූ, මිනිස් ඉතිහාසයේ මිල අධිකම සිහිනයයි. ජාති, ආගම්, දේශ සීමා මායිම් දියකර හැර, මුළු ලෝකයක් එකාවන්ව දෑස් දල්වා බලා සිටින මේ තීරණාත්මක මොහොතේ, ඒ සියලු බර කරට ගෙන හුස්ම ගන්නා එකම ජීවියා වූයේ කපිතාන් අන්ද්‍රවිස්කි පමණි.
හිස් අසුන් සිය ගණනක් මැද, පාලක කුටියේ තනිවූ ඔහුට තම හුස්ම ගන්නා හඬ පවා ඇසුණේ මහා ඝෝෂාවක් ලෙසිනි. පෘථිවියේ සිටි දක්ෂතම නියමුවන් දහස් ගණනක් අතරින්, මේ අසීරුම මෙහෙයුම වෙනුවෙන්ම තෝරාගත්, උපතින්ම ගගනගාමීත්වය දෑතේ රේඛාවල කොටාගෙන පැමිණි අති දක්ෂතම නියමුවා වූයේ ඔහුය. එහෙත්, මුළු මිනිස් සංහතියම නියෝජනය කරමින් මේ ඓතිහාසික ගමනට උර දුන් ඔහුගේ දෑත්, අද යන්තමින් වෙව්ලමින් තිබුණි.
ඔහු ඉදිරියෙන් දිස්වූයේ මනුෂ්‍ය වර්ගයා සොයාගත් මහා ආශ්චර්යයයි. ඒ, පෘථිවිය අසල ස්වභාවිකව නිර්මාණය වී තිබූ "අයින්ස්ටයින් - රෝසන් පාලම" හෙවත් අභ්‍යවකාශ පණු කුහරයයි. ආලෝකයේ වේගයෙන් ගියත් වසර මිලියන ගණනක් ගතවන ගමනක්, ඇසිපිය හෙළන සැණින් යා හැකි විශ්වයේ එකම කෙටි පාර එයයි.
පාලන මධ්‍යස්ථානයේ යාන්ත්‍රික හඬත් සමඟ අන්ද්‍රවිස්කි පාලක යෂ්ටිය තදින් අල්ලා ගත්තේය.
යානය ගිලගත්තේ ආලෝකයේ සහ කාලයේ සුළි කුණාටුවකි. සාමාන්‍ය මිනිසෙකුට දරාගත නොහැකි මට්ටමේ ගුරුත්වාකර්ෂණ බලයක් (G-Force) අන්ද්‍රවිස්කිගේ සිරුර තෙරපන්නට විය. ඔහුගේ පපුව මතට අලියෙකු පය තැබුවාක් මෙන් හුස්ම හිරවීගෙන ආවේය. දෑස් ඉදිරියේ පෙනෙන විශ්වය, දිය සායම් සිතුවමක් මතට වතුර බාල්දියක් හැලුවාක් මෙන් දියවී, විකෘති වී, වර්ණ එකිනෙක මුසු වී ගලා යන්නට විය.
ඒ බොඳ වී යන වර්ණ රටාව දකිද්දී, අන්ද්‍රවිස්කිගේ මනස වේදනාව මගහැර කාලය හරහා ආපස්සට දිව ගියේය.
ඒ, රුසියාවේ අධික ශීතල දෙසැම්බරයකි.
හිම කුණාටුවකට මැදිව, ගැහෙමින් ගෙදර දිව ආ පුංචි අන්ද්රවිස්කිව මව විසින් උණුසුම්ව පිළිගත්තාය.
ඇය අත තිබූ දිරා ගිය පරණ තුවාය අන්ද්‍රවිස්කි අතට ගත්තේය. කාලයක් තිස්සෙම පාවිච්චි කර තිබූ නිසා එහි නූල් දිරා, මල් මෝස්තර සහ ඉරි කැබලි එකිනෙක මුසු වී පාට මැකී ගොස් තිබුණි. එහෙත් ඔහු එය මූණේ ඔබා ගත්තේය. එහි තවමත් රැඳී තිබුණු තාත්තාගේ දහඩිය සුවඳත්, දුම්කොළ සුවඳත් මිශ්‍ර වූ රළු උණුසුම, ඒ දිරා ගිය රෙදි කැබැල්ලට පණ දුන්නේය.
වර්තමානයේ, යානය තුළ සිටින අන්ද්‍රවිස්කිගේ දෑස් අගින් ගිළිහුණු කඳුළක් ඔහුගේ කන අවට සීතල කරමින් කෙස් අතරින් ඉහළට ගලා ගියේය.
"මේ විශ්වයත් හරියට අර තාත්තාගේ පරණ තුවාය වගේමයි නේද?" ඔහුට සිතුණි. පණු කුහරය හරහා වේගයෙන් ඇදෙද්දී පිටත පෙනෙන තරු රටා, අර තුවායේ මැකී ගිය මෝස්තර මෙන් එකිනෙක මුසු වී බොඳ වී යමින් තිබුණි.
"තග්... තග්... තග්..."
හදිසියේම යානයේ යකඩ බිත්ති දෙදරුම් කෑවේය. අන්ද්‍රවිස්කිගේ දැක්ම (Vision) අඳුරු වීගෙන ආවේය. ඇඟිල්ලක්වත් සොලවාගත නොහැකි තරම් දැඩි ගුරුත්ව බලයක් ඔහුව අසුනට තද කරද්දී, ඔහු අපහසුවෙන් බෙල්ල හරවා පාලක පුවරුව දෙස බැලුවේය.
ඔහුගේ ලේ නහර සීතල වී ගියේය.
යානය දෙදරුම් කන වේගයට හෝ, අන්ද්රවිස්කිව පොඩි කර දමන ගුරුත්ව බලයට හෝ කිසිදු සම්බන්ධයක් නැතිව, ඉතාමත් සැහැල්ලුවෙන්, පාලක පුවරුවේ යකඩ බාල්කයක් මත වාඩි වී ඔහුගේ පියා ඔහු දෙස බලා සිටියේය. ඉරී ගිය පැරණි කබායක් ඇඳ සිටි ඔහු, උද්‍යානයක බංකුවක වාඩි වී සිටින තරම් සන්සුන් ලීලාවෙන් තම පුතු දෙස බලා උන්නේය.
පියාගේ හඬ යානයේ ඝෝෂාව පරයා අන්ද්‍රවිස්කිගේ මනස තුළ දෝංකාර දුන්නේය.
අන්ද්‍රවිස්කි කෙඳිරුවේය. ඔහුගේ පෙනහළු හැකිලී යමින් තිබිණි.
පියා බාල්කයෙන් බැස අන්ද්‍රවිස්කිගේ අසුන අසලට පැමිණ, අසුනට බර දී පහත් විය.
අන්ද්‍රවිස්කි වේදනාවෙන් මිරිකෙමින් තර්ක කළේය.
පියා ජනේලය දෙසට අත දිගු කළේය.
අන්ද්‍රවිස්කිගේ සිහිසුන් මනස මිමිණුවේය.
අන්ද්‍රවිස්කිගේ බලාපොරොත්තු බිඳ වැටුණේ යානයටත් වඩා වේගයෙනි. භෞතික විද්‍යාවේ ඔහු ඉගෙනගත් 'විභේදන සීමාවන්' (Diffraction Limits) පියාගේ සරල ගැමි උපමාව ඉදිරියේ හිස නැමුවේය.
අන්ද්‍රවිස්කිගේ දෑස් පියවෙමින් තිබුණි. ඔක්සිජන් හිඟ කම නිසා පියාගේ රූපයත්, අර බොඳ වූ තරු රටාවත් එකිනෙක මුසු වී මැකී යමින් තිබුණි.
පියාගේ රුව වියැකී යද්දී, ඔහු අවසන් වරට අන්ද්‍රවිස්කිගේ කනට කොඳුරා යමක් කීවේය. එය විද්‍යාත්මක උපදෙසකට වඩා, සොබාදහම විසින් මිනිසාට දෙන ලද අභියෝගයක් වැන්න.
අන්ද්‍රවිස්කිගේ සිහිය සම්පූර්ණයෙන්ම ගිලිහී යාමට මොහොතකට පෙර පියාගේ අවසන් වදන් දෝංකාර දුන්නේය.
උඹට ඇත්තටම අතීතය දකින්න ඕනිනම්...
හදපන් නියම 'කාල යන්ත්‍රයක්'..."
- Get link
- X
- Other Apps
Comments
Popular Posts
නිශ්ශබ්දතාවයේ අනන්ත ස්පර්ශකය ☸ (The Asymptote of Silence)
- Get link
- X
- Other Apps

අමුතු එකක්..ඒකත් මරූ
ReplyDeleteආදරෙයී සහෝදරයා 💕❤
DeleteNize ❤️
ReplyDeleteබොහොම ස්තූතියි සහෝදරයා 💕❤
Deletesuper sho..,
ReplyDeleteබොහොම ස්තූතියි සහෝදරයා 💕❤
Deleteමාරයි සහෝදරයා ♥️
ReplyDeleteබොහොම ස්තූතියි සහෝදරයා 💕❤
Delete